සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද නැවත CIDයට කැඳවයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (01) නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව ඔහුට අද (01) පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර තිබෙනවා.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක මහතා පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ ‍වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වී ඇත්තේ නිල ආරාධනයක් අනුව බවයි.

මෙම සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පසුගිය 22 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව අගෝස්තු 26 වනදා ඒ මහතා ඇප මුදා හැරුණා.

Tags