දේශීය පුවත්
සෞඛ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම් නවතී – දෙස් විදෙස් නිවාඩුත් ගැනත් තීන්දුවක් ගනී
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබා ගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ රාජකාරී ස්වභාවය මත අත්‍යාවශ්‍ය වූ රාජකාරී අඛණ්ඩව පවත්වාගෙන යාමට අපහසු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ අනුව විදේශීය සහ දේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට එම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
තවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම ද සීමා කර ඇති බවද අදාළ චක්‍රලේඛය මඟින් දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම නව චක්‍රලේඛය පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය සඳහන් කරන්නේ අදාළ විදේශීය නිවාඩු ලබා ගැනීමට ආයතන සංග්‍රහයෙන් ලබාදී තිබෙන ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය තුළින් අහිමි කර ඇති බවයි.
තවද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මත ලබාදී තිබූ දේශීය නිවාඩු හිමිකම ද එමඟින් අහෝසි කර ඇති බවද ඔවුන් පවසනවා.
මෙම නව චක්‍රලේඛය මඟින් විදේශීය නිවාඩු ඉල්ලීම් කර ඊට අදාළ පුහුණු වීම් ද, වීසා බලපත්‍ර යනාදිය ලබාගෙන තිබෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අයත් සේවකයින් හා නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වනු ඇති බවද එම ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
මේ හේතුවෙන් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ගන්නා ලද තීරණය බලරහිත මෙන්ම අනීතික බවද එම සංගමය සඳහන් කරනවා.
ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ උක්ත කරුණ සම්බන්ධයෙන් අවධානය යොමුකර ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අභිබවා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණයට හා ඊට අදාළව නිකුත් කරන ලද චක්‍රලේඛ හා උපදෙස් වහාම අවලංගු කිරීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවයි.
