සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මිහින් ලංකා ඇතුළු රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට තීරණය කරයි

දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.

මහජන සේවා සැපයීම සහ උපාය මාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමඟ නොගැලපීම සහ වෙළෙඳ පොළ අවශ්‍යතා සමඟ නොගැලපීම යන හේතූන් මත තව දුරටත් පවත්වාගෙන යාම ප්‍රයෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්ය සාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත්ව තිබෙනවා.

ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායයන් රජයට වැය බරක් වන ලෙස තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත.

මේ අනුව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සැලකිල්ලට ගෙන අදාළ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායන් 33ක් අදිය්ර් 2ක් යටතේ විධිමත්ව වසා දැමීමට අනුමැතිය හිමිව තිබෙනවා.

මෙලෙස වසා දැමීමට නියමිත ආයතන වන්නේ Asian Games Pvt Ltd, Selendiva Investments Ltd, Lanka Logistics Pvt Ltd, Commonwealth Game Hambanthota Pvt Ltd, Magampura Port Management Company, Mihin Lanka Limited, Techno Park Development Company Pvt Ltd, Media Training Institute, Lanka Cement Company Pvt Ltd, Expressway Transport Company Pvt Ltd.

Tags