සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

2025 වසරේ මුල් මාස 8ට විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2025 අගෝස්තු මසදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 ජනවාරි මස සිට අගෝස්තු දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 5.116ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 19.3%ක වැඩි වීමක් බවයි.

මේ අතර 2025 වසරේ මුල් මාස 8 තුළ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2ක් ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව 2025 මුල් මාස 8 තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.03ක් ලෙස වාර්තා වනවා.

2024 වසරේ මුල් මාස 8 තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 1.88ක සංචාරක ඉපැයීම් හා සසඳන විට 7.8%ක වැඩි වීමකි.

Tags