සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ලොතරැයි ක්‍රමයෙන් නැවත ඊශ්‍රායල් රැකියා ලබාදෙයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන පරිදි, ඊශ්‍රායල් රැකියා සඳහා පැවැත්වූ ලොතරැයි ක්‍රමය යටතේ, පෙර වර තෝරාගැනීමෙන් නොතේරුණු අපේක්ෂකයින්ට නැවත රැකියා අවස්ථා හිමිවී ඇත.

PIBA ආයතනයේ දත්ත පද්ධතියෙන් ඉවත් වූ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂකයින් 969 දෙනා නැවත ලොතරැයි ක්‍රමයට ඇතුළත් කර ඇති අතර, එම 969 දෙනා අතරින් 562 දෙනා රැකියා සඳහා තෝරාගෙන ඇති බව ඊශ්‍රායල් PIBA ආයතනය කාර්යාංශයට දැනුම් දී තිබේ.

තෝරාගත් 562 දෙනා අතර 518 දෙනා පිරිමි සහ 44 දෙනා කාන්තා අපේක්ෂකයින් වේ. තෝරාගත් අපේක්ෂකයින්ට SMS මාර්ගයෙන් කඩිනමින් දැනුම් දෙන අතර, ලොතරැයි ක්‍රමයෙන් තෝරා නොගත් ඉතිරි 407 දෙනාටද ඒ සම්බන්ධයෙන් දැනුම් දෙනු ඇත.

කාර්යාංශය මඟින් තෝරාගත් අපේක්ෂකයින්ගේ ඉදිරි කටයුතු නිරීක්ෂණය කරන අතර, කිසිදු බාහිර පාර්ශ්වයකට මුදල් ලබාදීමෙන් වලකින ලෙස අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.

මෙම අවස්ථාව ලැබීමට හේතු වූයේ, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ විසින් ඊශ්‍රායල් PIBA ආයතනය සමග සිදුකළ සාකච්ඡා ය.

Tags