සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරයි

අධ්‍යාපනයේ බරට හේතුව පාසල් බෑගය නොව පවතින විභාග ක්‍රමය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ (23) පැවති වැඩසටහනකට එක්වෙමින්.

වාර විභාග සම්බන්ධව අවසන් තීන්දුව ගැනීම සඳහා හෙට දිනයේ දී සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඇය මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ අතර යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුවක් ද ඊයේ (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ සෞන්දර්ය විෂය අනිවාර්ය නොකිරීමට එරෙහිව සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පීඨ තුනෙහිම ආචාර්යවරුන් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී ඊයේ (23) මළබෙර වයමින් විරෝධතාවක නිරත වුණා.

Tags