සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සුහුරු කාණු පද්ධතියෙන් ලොවක් දිනූ නදීෂා දිවයිනට

ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු කාණුව නැමැති නවෝත්පාදන නිර්මාණය කරමින් 2025 ලෝක බුද්ධිමය දේපල ගෝලීය සම්මානය හිමිකරගත් ආචාර්ය නදීෂා චන්ද්‍රසේන මහත්මිය ඊයේ (19) දින රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

වැසි දිනවල නගර ආශ්‍රිතව කාණු පද්ධති, ප්ලාස්ටික් සහ පොලිතීන් සිරවීම නිසා නිතර ජල ගැලීම් ඇති වන අතර ඊට විසඳුමක් ලෙස ඇය විසින් මෙම ස්මාර්ට් කාණු පද්ධතිය නිර්මාණය කර තිබුණා.

මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණුව මඟින් උඩ තට්ටුවේ ගසා ගෙන යන ප්ලාස්ටික් සහ පොලිතීන් ඉවත් කර දෙවන තට්ටුව මඟින් වැසි වතුර නිදහසේ ගලාගෙන යාමට අවස්ථාව සලසා දෙනු ලැබෙනවා.

මෙමඟින් මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණුව ගංවතුර පාලනයට මහත් සේවාවක් ලොව පුරා ඉටු කරනු ඇති.

මෙම සම්මාන උළෙල ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් ජිනීවා නුවර පවත්වා තිබූ අතර ඒ සඳහා ලෝකයේ රටවල් 95ක නවොත්පාදන නිර්මාණ 780ක් ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ආචාර්ය නදීශා චන්ද්‍රෙස්න මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම කාණුව මගින් නගර ආශ්‍රිතව පවතින විවෘත කාණු තුළ ප්ලාස්ටික් සහ පොලිතින් සිර වීමෙන් නිතර ජල ගැලීම් ඇතිවීම වැළැක්වීම සඳහා සාර්ථක විසඳුම් ලබා දී ඇති බවයි.

“එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයෙන් 2025 වසරේ නම් කරන ලද ලෝක බුදධිමය දේපොළ ගොලීය සම්මානය මගේ කණ්ඩායමට හිමි වුණා. එහිදී සම්මානයට පාත්‍ර වුණේ අප කණ්ඩායම විසින් නවෝත්පාදනය කරන ලද සුහුරු කාණුව. සුහුරු කාණුව කියන්නේ නගර ආශ්‍රිතව තියෙන විවෘත කාණු නිතර ජල ගැලීම් වලට ලක්වෙනවා තදබදයට ලක්වෙනවා ප්ලාස්ටික සහ පොලිතින් හිර වෙලා. මේ සුහුරු කාණුවෙන් කරන්නේ ඒ හිර වෙල පොලිතින් සහ ප්ලාස්ටික් පෙරලා අරගෙන වැස්ස වහිනකොට වැහි වතුර දෙවැනි තට්ටුවෙන් ගලාගෙන යන එක. මේක ලෝකයේ පළවෙනි තට්ටු දෙකේ ස්මාර්ට් කාණුව කියලා අපිට හඳුන්වන්න පුළුවන්.”

Tags