සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP) විසින් වසර දෙකකට වරක් සංවිධානය කරන මෙම උලෙළේදී 2023 සහ 2025 වසරවලට අදාළ කෘෂි පර්යේෂණ විශිෂ්ටතා සම්මාන පිරිනමන ලදී. මෙහිදී වගාව හා අපනයන බෝග, මල් වගාව, පශු සම්පත් සහ ධීවර හා ජලජ සම්පත් යන කාණ්ඩ යටතේ සම්මාන ප්‍රදානය කරන ලදී.

උත්සවයට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ, ආහාර ද්‍රව්‍ය සඳහා ආනයන මත යැපීම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රධාන ගැටලුවක් බවත්, එය විසඳීමට නවීන පර්යේෂණ හා තාක්ෂණය වැදගත් වන බවත්ය. අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේ, පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රායෝගික ලෙස ක්ෂේත්‍රයේ යොදා ගැනීම සඳහා විද්‍යාඥයින් ප්‍රායෝගිකව කටයුතු කළ යුතු බවදය.

උත්සවයට රජයේ හා පෞද්ගලික අංශයේ පර්යේෂකයින්, නිලධාරීන් සහ විද්‍යාඥයින් විශාල පිරිසක් සහභාගි වූහ.

Tags