දේශීය පුවත්
ජාතික මත්ද්‍රව්‍ය නිරෝධාන මෙහෙයුම සඳහා ජාතික මෙහෙයුම් සභාව රැස් වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, රටේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා පිහිටුවන ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව පළමු වරට රැස්වී තිබේ.
මෙම සභාව පසුගිය (13) වනදා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමෙන් පසු පිහිටුවා ඇති අතර, සභාවේ සාකච්ඡාවේදී මත්ද්‍රව්‍ය ජාල පිටුදැකීම, පුනරුත්ථාපනය, ජනතාව දැනුවත් කිරීම, බහුජන සංවිධාන සහභාගී කිරීම සහ මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සැලසුම් සකස් කර ඇත.
ජනාධිපතිවරයා අවධාරණය කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර තරුණ පරපුරේ සහ පාසල් දරුවන්ගේ ජීවිතයට හානි කරන අතර, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවත්, මහජන සහාය ලබාගනිමින් රටම ඒකරාශි වී මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වැදගත් බවයි.
