දේශීය පුවත්
නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අද මැදියම් රැයේ සිට අක්‍රීය කරයි
අද (13) මධ්‍යම රාත්‍රියේ සිට නොරොච්චෝලේ තෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා නතර කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කරන්නේ දින 25ක කාලයක් මෙම අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන බවයි.
මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවයක් අහිමිවනු ඇති.
කෙසේ වෙතත් ජනන යන්ත්‍ර 2ක් ක්‍රියාකාරී මට්ටමේ පැවතීම හේතුවෙන් විදුලිබල සැපයුමට කිසිඳු බාධාවක් ඇති නොවන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසනවා.
තෙවන ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමෙන් පසුව නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා.
