සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර පවසයි. පසුගිය ඔක්තෝබර් 10 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පාර්ලිමේන්තු සතියේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග විවාදයට ගැනීමටත්, ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත’ තෙවැනිවර කියවීමටත් නියමිතය.

එසේම ඔක්තෝබර් 22 වැනි බදාදා දිනයේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සහ සුරා බදු ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත අතර, 23 වැනිදා ‘මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන’ පිළිබඳ විවාදයක් ද පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

Tags