දේශීය පුවත්
නිලන්ත ජයවර්ධනට එරෙහි පාස්කු ප්‍රහාර කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ පෙත්සම මාර්තු 24ට
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිකුත් කළ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු 24 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
මෙම නියමය නිකුත් කර ඇත්තේ අද (14) අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව මහතාගේ මණ්ඩලය විසිනි.
පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහන් සිල්වා පියතුමා සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙකු වන සුරාජ් නිලංග යන පුද්ගලයන් විසිනි.
පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ, ජනාධිපති පරීක්ෂණ කොමිසම එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානීව සිටි නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිකුත් කළ නිර්දේශ මෙතෙක් ක්‍රියාවට නැංවී නොමැති බවය.
ඒ අනුව, අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
