දේශීය පුවත්
ජනපති මාලදිවයිනට ළඟා වෙයි
මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ බවයි.
ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් මාලදිවයිනේ වලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි විශේෂ අමුත්තන් පැමිණීමේ පර්යන්තයේ දී කුඩා දැරියක් පිරිසක් අලංකාර සංස්කෘතික නර්තනයක් ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ කෙටි කතාබහක් ද නිරත වුණා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ මාලදිවයිනේ අගනුවර වන මාලේහි ජනරජ චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
