දේශීය පුවත්
රාජිත හෙට උසාවි එනවා – රාජිතගේ නීතිඥවරයා මහාධිකරණය හමුවේ කියයි
තමා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් නොතිසී නිකුත් කර තිබෙනවා.
තවද ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ තාවකාලිකව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලීමක් කළද එම නියෝගය නිකුත් නොකළ මහාධිකරණය වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන්.
මෙහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ සැකකාර රාජිත සේනාරත්න මහතාට හෙට (29) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසියට අදාළව ඔහු හෙට (29) දින අනිවාර්යෙන්ම එම අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.
ඉන්පසුව පෙත්සම සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමට ද නියම වුණා.
