දේශීය පුවත්
රුපියල් කෝටි 140ක වියදමින් කොටුව දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණයට
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි.
කොටුව දුම්රිය ස්ථානය වැඩි දියුණු කළ පහසුකම් සහිත නවීන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පරිවර්ථනය කිරීමක් බවද මෙහි මුලික අරමුණ වනවා.
ප්‍රතිසංස්කරණය සඳහා ඇස්තමේන්තුගත පරිවැය මිලියන 1395ක් බවත් ව්‍යාපෘතිය මාස 15ක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශය පේනවා දෙනවා.
මේ සඳහා ටෙන්ඩර් දැනටමත් කැඳවා ඇති අතර මෙම වසර අවසන් වන විට සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
