දේශීය පුවත්
කොස්ගම වෙඩිතැබීමක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මව 12 හැවිරිදි දියණිය සහ තවත් 44 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති වාර්තා වනවා.
තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව සහ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
