සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පාසල් සිසුන් සහ කුඩා දරුවන් භාවිත කරන ප්ලාස්ටික් උපකරණ සඳහා SLS සහතිකය අනිවාර්ය වේ

2026 අප්‍රේල් 01 සිට, පාසල් සිසුන් සහ කුඩා දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි, වතුර බෝතල් වැනි උපකරණ නිෂ්පාදනය සහ වෙළෙඳපලට නිකුත් කිරීමේදී SLS (Sri Lanka Standards) සහතිකය තිබීම අනිවාර්ය වන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එදින සිට නියමිත ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම සම්පූර්ණයෙන් තහනම් වන බවය.

පාරිභෝගික සේවා අධිකාරියේ තොරතුරු අනුව, ඇතැම් උපකරණවල පිළිකා කාරක අඩංගු විය හැකි බවට කරුණු අනාවරණ වී තිබේ. මෙවැනි තත්වය සැලකිල්ලට ගනිමින්, ආහාර සහ දියර වර්ග සඳහා ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවි කිරීම තහනම් කර ඇත.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේ, එදින සිට අදාළ භාණ්ඩවල SLS සහතිකය අනිවාර්ය වන බවයි.

Tags