සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (28) පස්වරුවේ නම් කරනු ලැබුවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙම සංචිතයට වනිඳු හසරංග ඇතුළත් වුවද ඔහුගේ සහභාගීත්වය තීරණය වන්නේ ශාරීරික යෝග්‍යතාව මත බවත්ය.

මෙවර ආසියානු තරඟාවලිය සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරඟය සැප්තැම්බර් 13 වනදා බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය

1. චරිත් අසලංක (නායක), 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. කුසල් පෙරේරා, 5. නුවනිදු ප්‍රනාන්දු, 6. කමිඳු මෙන්ඩිස්, 7. කමිල් මිෂාර, 8. දසුන් ශානක, 9. වනිඳු හසරංග, 10. දුනිත් වෙල්ලාලගේ, 11. චාමික කරුණාරත්න, 12. මහීෂ් තීක්ෂණ, 13. දුෂ්මන්ත චමීර, 14. බිනුර ප්‍රනාන්දු, 15. නුවන් තුෂාර, 16. මතීෂ පතිරණ

වනිඳු හසරංග (ශාරීරික යෝග්‍යතාව මත)

Tags