සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (07) දින රැස්වීමට නියමිතව තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරු 1.30ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතයි.

මේ අතර පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය ඊයේ (06) දින ඒ මහතා වෙත භාර දෙනු ලැබුවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් විසින් අදාළ ලිපිය ඔහුගේ නිවස වෙත ගොස් එම භාරදුන් බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර එම යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර විපක්ෂව කිසිඳු ඡන්දයක් හිමි වුයේ නැහැ.

කෙසේවෙතත් රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පමණක් යෝජනාවට ඡන්දය ලබාදීමෙන් වැළකි සිටියා.

මේ අතර පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයට අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා කතානායකවරයා යොමු කළ ලිපියට ජනාධිපතිවරයා විසින් ඊයේ (06) අනුමැතිය ලබාදී තිබෙනවා.

අනතුරුව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති අතර ඊට අදාළ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ (06) දිනයේ එම ලිපිය දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත භාරදීම සිදුකර තිබෙනවා.

Tags