දේශීය පුවත්
පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන් බවට සැකකරන පුද්ගලයාට අත්වූ ඉරණම
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල මාර්ගයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහර දුන් බවට සැකකරන පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩු කටයුත්ත පසුගිය 26 වනදා කැඳවූ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල මාර්ගයකදී එම සිදුවීම සිදුව වුණා.
මේ අනුව එම සැකකරු සැප්තැම්බර් 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළා.
මෙම සැකකරු කළුතර නගරයේ දී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) කටයුතු කරනු ලැබුවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවටගත් සැකකරු නාගොඩ පදිංචි 52 හැවිරිදි හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ධනුක හෙට්ටිආරච්චි මහතා බවයි.
