සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පොලීසිය මාගේ ප්‍රකාශය විකෘති කර මාධ්‍ය වෙත නිකුත් කළා – විමල් වීරවංශ

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසන්නේ, තමන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට ලබාදුන් ප්‍රකාශය පොලීසිය විසින් විකෘති කර මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවය.

ඔහු සිය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කර තිබේ, පසුගියදා අත්අඩංගුවට ගත් “පුවක්දණ්ඩාවේ සනා” නම් පුද්ගලයා සම්බන්ධයෙන් තමන් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් හිතාමතාම සංශෝධනය කර සමාජගත කර ඇති බවයි.

වීරවංශ මහතා පෙන්වා දුන්නේ, මෙය පොලීසියට සුදුසු ක්‍රියාකාරිත්වයක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැළපෙන කටයුත්තක් බවත්, එම ක්‍රියාව මඟින් “පුවක්දණ්ඩාවේ සනා”ගේ දේශපාලන සබඳතා සඟවා ගැනීමට උත්සාහයක් බවට සැකයක් ඇතිවන බවත්ය.

Tags