සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දවසේ වෙඩිල්ල පානදුරෙන් පත්තු වෙයි – පුද්ගලයෙක් මරුට

පානදුර අලුබෝගහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (27) රාත්‍රී නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඝාතනයට හේතුව සහ යොදාගත් ගිනි අවිය සම්බන්ධව මෙතෙක් තොරතුරු හෙළිව නැහැ.

පානදුර නිලංග නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ මාමණ්ඩිය බවද තොරතුරු වාර්තා වනවා.

පොලීසිය සැකපළ කරන්නේ පානදුර සලිඳු නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Tags