දේශීය පුවත්
ඇල්ලේ අනතුර ගැන ජනාධිපති ඇතුළු රජයේ සංවේගය
ඇල්ලේ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාගේ පවුල් වෙත ජනාධිපතිවරයා ඇතුළු රජයේ සංවේගය පළ කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය අමතමින්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ, මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද් පරිශ්‍රයේදී අද (5) මෙම උත්සවය පැවැත්වුණා.
