සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කුණාටු මැද්දේ දරුවන් අවදානම් චාරිකාවක රැගෙන ගිය බලධාරීන්.

කුණාටු සහ අධික වැසි සහිත ආපදා තත්ත්වය නොසලකා මධ්‍යම පලාත් සමාජ සුභ සාධන පරිවාස හා ළමාරක්‍ෂණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයේ සිටි දරුවන් 750කට අධික ප්‍රමාණයක් සමග අවදානම් විනෝද චාරිකාවක නිරතවී ඇතැයි අද පුවත්පත් වාර්තා සඳහන් කරනවා.
 
ලෝක ළමා දින සැමරුම් වැඩසටහනකට සමගාමීව ළමා සංවර්ධන මධ්‍යස්ථානගත දරුවන් සඳහා සංවිධානය කල වැඩසටහනක් ලෙස පසුගිය 26 වනදා මෙම චාරිකාව ගොස් ඇති අතර​, ත්‍රිකුණාමලය පාසිකුඩා වෙරළ දක්වා වූ ගමනාන්තයට අධික වැසි හේතුවෙන් ළගා වීමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.
 
මෙවැනි චාරිකාවක නිරත වීම සම්බන්ධයෙන් පරිවාස දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Tags