පාඨක ලිපි
නොපසුබසිනා උත්සාහය දිනෙක ඔබව දියුණුවේ හිණිපෙත්තටම ඔසවාවි..
1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා ඔහුට පාසල් යන්න ලැබුනේ නෑ. ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාවට ගියා. හැබැයි ගරාජයේ හිමිකරු ඔහුට දුන්න රැකියාව තමා ඔහුගේ දරුවා බලාගැනීම. ඔහු කලේ දරුවාව පිටේ එල්ලාගෙන මුලු ගරාජය පුරාම ඇවිදපු එක සහ ගරාජයේ වැඩ සිද්ධවෙන ආකාරය පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීම. තරුණ වයසෙදි ඔහු ඒ දවස්වල ප්‍රසිද්ධ කම්පැනියක් වුන ටොයෝටා සමාගමේ මිකෑනික්වරයෙක් විදිහට බැඳුනා. කාලය ගතවුනා. ඔහු දැන් ඉතා දක්ෂ මිකෑනික්වරයෙක්.
ඔහු අනික් මිකෑනික්වරුන්ට වඩා වෙනස්. අනික් අයගේ සිහිනය වුනේ කොහොම හරි ජපානයේ හොඳම වාහන නිපදවන සමාගමේ මිකෑනික්වරයෙක් වීම. නමුත් අපේ කථා නායකයා ඊට හාත්පසින්ම වෙනස් වුණේ ඔහුගේ සිහිනය බවට පත්වුණේ තමන්ගේම මෝටර් රථ සමාගමක් ගොඩනැංවීමේ අභිලාෂය නිසාවෙනුයි. ඉතින් තමාගේම මෝටර් රථයක් නිපදවන්න සිහින දැකපු මේ තරුණයාට ටොයෝටා සමාගම අදාල පරීක්ෂණ කටයුතු කරන්න ඉඩ දුන්නා. හැබැයි ඒකට වැයවෙන මුදල් සේරම කොලුවා විසින් දැරිය යුතුයි. ඉතින් ඔහු කෙතරම් මේ සඳහා මුදල් වැය කෙරුවාද කීවොත් බෝඩිමට සමුදී ගරාජයේ බංකුවක් මත නිදාගත්තා. මේ විදිහට ඔහු අවුරුදු දෙකක් බංකුව මත නිදාගත්තා. ඒ තමන්ගෙ සිහින රථය එළිදක්වන්න. එහි ප්‍රථිඵලය වශයෙන් ඔහුගේ සිහින මෝටර් රථය එළි දැක්වූවත් ටොයෝටා සමාගම මේ මෝටර් රථය නිපදවීම ප්‍රතික්ශේප කරනවා.
කතාව ඉවර කරන්න කලින් ප්‍රශ්නයක් අහන්නද?
ඔබ ඔහු නම් කුමක් කරයිද?
ඔහු නැවතත් තමන්ගේ පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන ගියා. බංකුව මත තවත් අවුරුදු කීපයක් නිදාගන්න සිදුවුනා. අවසානයේ ඒ අඩුපාඩු මගහැරපු ඔහුගේ නව මෝටර් රථය ටොයෝටා සමාගමට ඉදිරිපත්කරා. අවසනදී සමාගම එය පිලිගත්තා. කතාව එතනින් නවතින්නෙ නෑ. අවසානයේ ඔහුගේ සිහිනය සැබෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුනා. ඉතින් කිසිම ආයෝජකයෙක් මේ මෝටර් රථයට ආයෝජනය කරන්න ඉදිරිපත්වුනේ නෑ. ඔහු වසර ගණනාවක් ආයෝජකයින්ට ලිපි ලීවා. අවසානයේ ආයෝජකයින් දෙදෙනෙක් ඉදිරිපත්වුනා. ඔහුගේ නව මෝටර් රථ කම්හල ඉදිවුනා.
සියල්ල සතුටෙන් විසිර ගියා කියලාද හිතන්නේ?
නෑ… 1945 දී ඇමරිකාව විසින් ජපානයට හෙලූ බෝම්බ ප්‍රහාරයෙන් මේ කර්මාන්තශාලාව පොලොවට සමතලා වුනා. මේ වෙනකොට මේ තරුණයා එකතුකල මුදල්… පොදිගැසූ හීන යලිත් දියවුනා. හිටපු තැනටත් අන්තයට වැටුනා. ඒත් මොහු කතාව අපිට මෙතනින් නතරකරන්න ඉඩදෙන්නේ නෑ. මොහු නව නිපැයුම් කරුවෙක්. ඒ වගේම හොඳ ව්‍යවසායකයෙක්. මොහු කල්පනා කලා කොහොමද ආයෙ වැඩේ ගොඩදාන්නෙ කියලා. ඔහු ආයෙමත් කාර් එක හදන්න ගියේ නෑ, මොකද ඒ වෙනකොට ජපානයේ කාර් මිල ඉතා ඉහලයි. කවුරුවත් ගන්නෙත් නෑ. ඔහු ඒ හින්දා එයට පිලියමක් ලෙස මෝටර් බයිසිකලයක් නිපදෙව්වා. 1949 දී අශ්වබල 3 ක Dream මෝටර් බයිසිකලය ලොවට බිහිවුනා.
ඒ විතරක් නෙවේ එය මොහුව කෝටිපතියෙකු කලා. වැඩේ නැගලා ගියා කියලා ඔහු මෝටර් බයිසිකල් මුදලාලි කෙනෙක් වෙලා ආතල් එකේ ඉන්න හිතුවේ නෑ. ආපහු ඔහුගේ සිහින මෝටර් රථය නිපදවන්න තීරණය කරා. මෙවර සියල්ල හොඳින් සිදුවුනා. අවසානයේ ඔහු නිපදවු මෝටර් රථය ලොව ඉතා ජනප්‍රිය වුනා. ඒ විතරක් නෙවේ අද වනවිට තමන් මිකෑනික්වරයෙක් ලෙස වැඩකරපු ටොයෝටා සමාගම සමග කරට කර සිටින මෝටර් රථ සමාගමක් බවටත් එය පත්වුණා. මෙච්චර අමාරු ගමනක් පසුකරපු ඒ මෝටර් රථ තමා…
“හොන්ඩා” HONDA
මේ කොලුවාගෙ නම තමා සොයිචිරෝ හොන්ඩා. ඔබටත් මේ වගේම බාධක වලින් පිරුනු අතීතයක් ඇති. මෙය කියවපු හැමෝටමත් එහෙම ඇති. ඒ බාධක ජයගත්ත අය වෙන්න ඇති.
කියන්න ඕනෙ වුනේ මෙච්චරයි.
බාධක එන එක ඔබට පාලනය කරන්න බෑ..
ඒත් ඔබට පුලුවන් පරාජය වෙන එක පාලනය කරන්න…
