සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ට්‍රම්ප් සහ පුටින් අතර හමුව ලබන 15 වනදා

රුසියා යුක්‍රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා තමා ලබන 15 වනදා රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම හමුව ඇලස්කාවේ දී සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් දෙරටේ නායකයින් හමුවන ස්ථානය සම්බන්ධව මෙතෙක් නිශ්චිතව සඳහන් කර නොමැති බව සඳහන්.

මෙලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමියර් පුටින් එක්සත් ජනපද භූමියකදී මුහුණට මුහුණ සාකච්ඡාවක් සිදු කරනු ලබන්නේ වසර 6කට පමණ පසුවයි.

ඔවුන් අවසන් වරට හමුව ඇත්තේ 2019 වසරේ දියි.

යුක්රේනය සමඟ සටන් විරාමයකට එකඟවීමට වැලැද්මීර් පුටින් පසුගියදා එකඟතාව පලකර තිබුණා.

තවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ දෙරට අතර අත්සන් කිරිමට යෝජිත ගිවිසුමේ භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

Tags