සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ට්‍රම්ප් රුසියාවට එරෙහිව දැඩි තීරණයක් ගනී

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් “උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” යනුවෙනි.

මේ හේතුවෙන් පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට ලබාදීම අත්‍යාවශ්‍ය බවද සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිසයිල කොපමණ ප්‍රමාණයක් යුක්‍රේනයට ලබාදෙන්නේ ද යන්න අමෙරිකාව මේ දක්වා ප්‍රකාශ කර නොමැති අතර නේටෝව විසින් ඒ සඳහා අරමුදල් සපයනු ඇති බවයි.

Tags