දේශීය පුවත්
පෝලිමට රට සවාරි ගිය ලොක්කෙක් ගැන පරීක්ෂණ ආරම්භ කරයි
අයථා ලෙස විදෙස් සංචාරවල යෙදෙමින් රුපියල් කෝටි ගණනින් මුදල් නාස්ති කළේ යැයි කියන රජයේ ආයතනවල හිටපු ප්‍රධානීන් 10 දෙනෙකුගෙන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම පිරිසට පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙකු සංස්ථා හිටපු සභාපතිවරුන් සිව් දෙනෙක් ඇතුළත් වන බවයි.
පාර්ලිමේන්තුවේ මෙම හිටපු ප්‍රධානියා පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර 30කට වැඩි ගණනක සහභාගී වී ඇති බව වාර්තා වනවා.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයෙන් මුදල් සීමාවකින් තොරව භාවිතා කර ඇති බවද විගණන විමර්ශනවලදී තොරතුරු හෙළිව තිබෙනවා.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ දැනුම් දීම මත මෙම විගණන විමර්ශන ආරම්භව ඇති බව සඳහන්.
මෙම ප්‍රධානියා ජාත්‍යන්තර සංවිධාන විසින් සංවිධාන කරන වැඩමුළු වෙනුවෙන් ආරාධනා පත්‍ර තමා මැදිහත් වී ගෙන්වා ගෙන මෙලෙස විදේශ සංචාරවල දී ඇති බව හෙළිව තිබෙනවා.
තවද මෙම ප්‍රධානියා පාර්ලිමේන්තුවේ වාහන අවභාවිතා කර ඇති බව ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව ද විමර්ශන අංශ කරුණු සොයා බැලීමට නියමිතයි.
