සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සමාජයට අවශ්‍ය අධ්‍යාත්මික යථාපිහිටීමක් – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසන්නේ අද සමාජයට ඉතා අවශ්‍ය වන්නේ අධ්‍යාත්මික සංවර්ධනයක් බවයි.

උන්වහන්සේ සඳහන් කළේ, මිනිසුන් ආගම සහ දහමට අනුකූලව ජීවත් නොවීම හේතුවෙන් සමාජය අගාධයකට යමින් ඇති බවයි. දොඩංගොඩ සපුගහවත්ත දේවස්ථානයේ පැවති විශේෂ ආගමික උත්සවයකදී මෙසේ අදහස් පළ කළ අගරදගුරුතුමා පෙන්වාදුන්නේ, මනුෂ්‍ය ජීවිතයේ අරමුණ භෞතික ලෝභය නොව, ආත්මීය පිරිහීම වැළැක්වීම විය යුතු බවය.

උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ,
“පල්ලි හදලා වැඩක් නැහැ. අපි හැදෙන්න ඕනේ. ලෝකේ එකතු කරගන්න කිසි දෙයක් අරන් යන්න බැහැ. පරිභෝජනවාදය නිසා මිනිස්කම අහිමි වෙලා.”

මෙම අවස්ථාවට බොහෝ ආගමිකයන් සහ ප්‍රාදේශීය ජනතාව සහභාගී වූ අතර, අගරදගුරුතුමාගේ අභිප්‍රාය සමාජයේ විශාල කතාබහකට ලක්ව තිබේ.

Tags