දේශීය පුවත්
නවක වදය පිළිබඳව UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
විශ්ව විද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කර තිබෙනවා.
අදාළ මාර්ගෝපදේශ ක්‍රියත්ම කිරීමට අවශ්‍ය මුල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස ද විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට නියම කරනු ලැබුවා.
2020 වසරේ නවක වදය හේතුවෙන් ශාරීරක මෙන්ම මොළයට සිදුවූ තුවාල හේතුවෙන් පීඩාවට පත්ව සිටින පළමු වසරේ සිසුවෙකු වන පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළා.
මෙම නියෝගය ක්‍රියාත්මක වන ආකාරයට පිළිබඳව ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජනවාරි මස 14 වනදා කැඳවන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරනු ලැබුවා.
