දේශීය පුවත්
අධිවේගී මාර්ගයේ වාහනවල ආසන පටි පැළඳීමේ නීතිය අද සිට
අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මඟීන්ට අද (01) සිට ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.
මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පැවසුවේ එම තීරණයට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස 3ක සහන කාලයක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
