සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වෙලේ සුදාගේ නඩුව කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පැවසෙන ගම්පොල විදානලාගේ සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩුව ඔක්තෝබර් 10 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියම කළා.

ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරුවරිය මෙම නඩු විභාගය ඔක්තෝබර් මස 10 සහ 14 යන දිනවල කැඳවන ලෙසද නියෝග කළා.

වෙලේ සුදා දැනට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට වරදකරු වී ඇති අතර ඔහු එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර තිබෙනවා.

Tags