Movie Review
2025 වැඩිම ඔස්කාර් සම්මාන ලබාගත් මොකක්ද මේ Anora Movie එක?
අපි කෙලින්ම යමු අද කතා කරන චිත්‍රපටයේ අන්තර්ගතයට. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන ‘ඇනී’ නැත්නම් අනෝරා කියන්නේ අවුරුදු 23ක් වෙන රුසියානු ආභාෂයක් සහිත සොඳුරු යුවතියක්. ඇනීට රුසියන් බස හසුරුවන්නත් සාමාන්‍යයෙන් පුළුවන්. එයාගෙ රැකියාව වෙන්නේ නිව් යෝර්ක් වල ප්‍රධාන පෙළේ සමාජ ශාලාවක හුකර් කෙනෙක්, නැතිනම් ප්‍රොස්ටිටියුට් කෙනෙක් විදිහට වැඩ කරන එක. මෙන්න මේ අතරෙදි තමයි ඒ ක්ලබ් එකට එන Ivan කියන කොල්ලෙක් රුසියානු භාෂාව කතා කරන්න පුළුවන් කෙල්ලෙක්ව ක්ලබ් එකේ පාලනාධිකාරියෙන් ඉල්ලන්නේ. ක්ලබ් එකේ මැනේජර් කෙලින්ම නතර වෙන්නේ අනෝරා ගාව. ඒ දවසේ අනෝරා නැත්නම් ඇනී මේ කොල්ලට හොඳම සේවාවක් සපයනවා. ඒක කොච්චර හොඳ වුණාද කියනවනම් Ivan ඇනීගේ නම්බර් එකත් අරගෙන යන්නේ ක්ලබ් එකෙන් එළියේ සර්විස් එකක් ගන්න සම්බන්ධ කරගන්න බලාපොරොත්තුවෙන්..
බලාපොරොත්තු වුණ විදිහටම ඇනීට Ivanගෙන් කෝල් එකක් එනවා. අදාළ ලොකේෂන් එකට ගියාට පස්සේ ඇනී සම්පූර්ණයෙන්ම surprise වුණා කීවොත් හරි. Ivan ජීවත්වෙන්නේ අධි සුඛෝපභෝගී නිවසක. ආරක්‍ෂකයෝ මෙහෙකරුවෝ හැම පහසුකමක් එක්කම. ඇනීට දැනගන්න ඕන වෙනවා Ivan මොනවද කරන්නේ කියන එක.
Ani – ‘ඔයාගේ වයස කීයද?’
Ivan – ‘මට 21යි. ඔයාට’?’
Ani – ‘මට 23යි.’
Ivan – ‘අපෝ ඔයා හැසිරෙන්නේ ඊට වඩා වයසින් ගොඩක් වැඩිමහල් කෙනෙක් වගේනේ.’
Ani – ‘ඔයා මොනවද කරන්නේ ඇප් එකක්වත් create කරල තියෙන කෙනෙක්ද?’
Ivan – ‘අපෝ නැහැ මම ලොකු ඩ්‍රග් ඩීලර් කෙනෙක්.’ laughing… ‘නෑ නෑ මගේ තාත්තගේ නම ගූගල් කරලා බලන්න. එයා බිලියනපතියෙක්.’
ඔන්න මෙතනින් ඉස්සරහට කතාව හරිම සිත් ඇදගන්නා සුළු විදිහට ගලාගෙන යනවා. ක්ලබ් එකේ යාළුවොත් දැන් ඉතින් දන්නවා ඇනීට සල්ලිකාර කොල්ලෙක් වහ වැටිලා ඉන්නේ කියලා. Ivanගේ ඊළග යෝජනාව තමයි සතියක කාලයක් ඇනීට එයත් එක්ක විනෝද වෙන්න girl friend experience එකක් දෙන්න පුළුවන් ද කියන එක. ඇනීත් කිසිම පැකිළීමක් නැතුව ලොකු මුදලකට ඒ යෝජනාව භාර ගන්නවා. දැන් වෙන දේ නම් ඔයාල කීයටවත් විශ්වාස කරන එකක් නැහැ. නමුත් නිදි යහනේ පොඩිවට ‘අපි විවාහ වෙමුද?’ කියන කතාබහ ඇත්තටම නතර වෙන්නේ මේ දෙන්නා ලාස් වේගාස් වලට ගිහින් නීත්‍යානුකූලවම විවාහ වෙලා. Ivan ප්‍රොස්ටිටියුට් කෙනෙක් එක්ක විවාහ වෙලා කියන පුවත කණ වැකෙන අමෙරිකාවේ ඉන්න ඔවුනගේ පවුලේ සමීපතමයෝ සහ රුසියාවේ ඉන්න Ivanගේ දෙමව්පියෝ react කරන්නේ කොහොමද කියලා Anora බලලම අත්දැකගන්න. හරිම විනෝදජනකයි.
අපි දැන් ක්‍ෂණිකව යමු IMDB දර්ශක සහ මේ සිනමා පටයට ලැබුණු සම්මාන ගැන කතාබහට. Anora චිත්‍රපටයට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී ඔස්කාර් සම්මාන 05ක් ලැබෙනවා. පහතින් තිබෙන්නේ ඒ විස්තර ටික.
IMDB දර්ශක වල මම මේ සටහන තබන මොහොතේදී චිත්‍රපටයට 7.6/10 (ratings) අගයක් තිබෙනවා. Mikey Madisonගේ රංගණය නම් අග්‍රගණ්‍යයි වගේම ඇය ඔස්කාර් සම්මානයට පාත්‍ර වෙන්න සුදුසුයි කියන එකනම් මම හිතන්නේ මේ චිත්‍රපටය නැරඹුවාට පස්සේ ඔබත් අනුමත කරයි. Trailer එක පහතින් අමුණන්නම්. ප්‍රමාද නොකර බලන්න Romantic, Dark Comedy Movie එකක හොඳ experience එකක් ගන්න. Ceylon Journal Movie Review එකකින් නැවත දවසක හමුවෙමු!

