සොයන්න
උණුසුම් පුවත්

Movie Review

මිනිස්සු වගේම හිතන පතන රොබෝ කෙල්ලෙක් එක්ක පවුල් ජීවිතයක් ගෙවන්න ඔයත් කැමතිද​?

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන චිත්‍රපටයේ සිදුවීම අනාගතයේ දවසක යථාර්තයක් වෙන්න තියෙන සම්භාවිතාවය අතින් ගත්තොත් බොහොම වැඩියි. මොකද මේ වෙද්දිත් AI තාක්‍ෂණය අත්පත් කරගෙන ඉන්න දියුණුව එක්ක සසඳනකොට, ඇත්තටම තව කරන්න ඉතිරිවෙලා තියෙන්නේ මනුස්සයෙකුට ඉතාම ආසන්න වෙන විදිහේ physical body එකක් නිර්මාණය කරලා හදන රොබෝට් කෙනෙක් self learning improve කරලා සමාජයට මුදා හරින එක විතරයි. අද අපේ කතාබහ ගලාගෙන යන්නේ 2024 අවුරුද්දේ රිලීස් වුණ සරාගී නිළි Megan Fox රංගණයෙන් දායක වෙන Sci-Fi / Thriller ඝනයට අයත් Subservience ෆිල්ම් එක සම්බන්ධයෙන්. ප්‍රේක්‍ෂක ඔයාලගෙ රසවින්ඳනයට බාධාවක් නොවෙන්න මම මේ චිත්‍රපටය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. 

හරි ආදරණීය පවුලක් ජීවත්වෙනවා අපිට මුලින්ම දැකගන්න පුළුවන් නික්, (පියා) මැගී, (මව​)  ඉස්ලා (වැඩිමහල් දියණිය​) සහ තවත් කුඩා දියණියකගෙන් සමන්විත​. නමුත් හදිසියේම මැගී හදවත් රෝගයකට ලක්වෙන නිසා ඒ පවුල තුල තිබුණු සතුට දෙදරා යනවා. වෛද්‍යවරුන්ගේ නිගමනය වෙන්නේ මැගීට අළුතින්ම හදවතක් බද්ධ කල යුතුයි කියන එක​. ඉතින් ඇයගේ හදවත් සැත්කම අවසන් වෙනතෙක් මැගීට රෝහල් ගතවෙලා ඉන්න සිද්ධ වෙනවා සහ නික්ට වගකීම් ගොන්නක් පැටවෙනවා තනිවම තමන්ගේ දරුවන් දෙදෙනාව රැකබලා ගන්න​. ඉතින් රැකියාවේ තිබෙන කාර්‍යබහුලත්වයයි දරුවන් ගැන සොයා බැලීමට කාලය වෙන් කිරීමයි කළමණාකරණය කරගන්න නික්ට අළුත් විසඳුමක් ගැන කල්පනා කරන්න සිද්ධ වෙනවා. මේ කාලය වෙනකොට පෘථිවියේ AI තාක්‍ෂණය බොහෝ සෙයින් දියුණු තත්ත්වයක තිබෙනවා අපිට ෆ්‍රේම් කිහිපයකින්ම දැකබලා ගන්න පුළුවන්. මිනිස් හැඩරුවට 100%ක් සමාන විවිධ කාර්‍යයන් සඳහා නිශ්චිත කරලා නිපදවපු රොබෝට්ලා අතර​, වෛද්‍යවරු, කම්කරුවෝ වගේ පිරිස් අපට දැකගැනීමට ලැබෙනවා AI වලින් බලගැන්වුණු.

ඉතින් නිකුත් අවසානයේදී තීරණය කරනවා ගෙදර වැඩ වලට උදව් කර ගන්න රොබෝ කෙනෙක්ව මිලදී ගන්න​. ඉතින් තමන්ගේ දියණියන් එක්ක එක්තරා රොබෝවරු අලෙවි කරන ප්‍රදර්ශණයකට යන නික්ට ඇස ගැටෙනවා ඉතාම සුරූපී කාන්තා රොබෝ කෙනෙක්. විශේෂත්වය තමයි මෙයා ඒ වෙද්දී ඉන්න අනික් රොබෝලා එක්ක බලද්දී Developed Series එකක නිර්මාණයක් වෙන එක​. ප්‍රදර්ශණයෙදී වෙන එක්තරා සිදුවීමක් නිසා නික්ගේ දියණිය ගොඩක් ආස වෙනවා මේ රොබෝව ගෙදර ගෙනියන්න​. ඉතින් ගෙදර ගෙනයන මේ ඇලිස් කියන රොබෝ ටික දවසක් යද්දී පවුලේ අයගේ හැගීම් අභිලාෂයන් මොනවගේද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන තැනටම තමන්ව​ improve කරගන්නවා. පියා වෙන නික් එක්ක ලිංගිකව එකතු වීම කියන කාරණාත් ඇලිස් රොබෝ විසින් සිදු කරනවා මේ චිත්‍රපටයේ ඔයාලට දැකගන්න පුළුවන්.

මැගී ආපහු ගෙදර ආවහම මොකද වෙන්නේ? මේ දෙදෙනාගේ සම්බන්ධයෙන් එහා ගිය තවත් මානයක් ගැන නිර්මාණකරුවන් අපට පෙන්වන්න උත්සාහ කරනවද​?

ඒ ප්‍රශ්ණ වලට පිලිතුරු හොයාගන්න ඔයාල මේ චිත්‍රපටය නරඹන්නම ඕන​. ටොරන්ට් එකේ පහසුවෙන් මේ ෆිල්ම් එක ඔයාලට හොයාගන්න පුළුවන්. IMDB ratings ගත්තොත් මේ වෙද්දී 5.1ක්. සරාගී නළු නිළියන් වන Megan Fox සහ​ Michele Morrone ප්‍රධාන චරිත සඳහා රංගණ දායකත්වය සපයනවා. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා වෙන්නේ S.K. Dale. පූර්ව ප්‍රචාරක පටය පහතින් ඔයාලට බලාගන්න පුළුවන්. Ceylon Journal අපගේ රසබර Movie Review එකකින් නැවතත් හමුවෙමු!

ඔබට සුභ දවසක්!

Tags