එදිනෙදා ජීවිතය
ඔබත් දීර්ඝකාලීන සෙම්ප්‍රතිශ්‍යාවකින් පෙළෙනවා ද?

එක්සත් රාජධානිය විසින් සිදු කරපු අධ්‍යයනයකට අනුව, දිගුකාලීන සෙම්ප්‍රතිශ්‍යාව කියන්නෙත් කොවිඩ් වලට ගොඩක් ආසන්න තත්ත්වයකට. සමහර අයට මූලික ආසාදනය වීම් වලින් පස්සේ දිගු කාලීන රෝග ලක්‍ෂණ වලින් පීඩා විඳින්න වෙනවා. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්‍ෂණයන් විදිහට ගත්තම කැස්ස, උදරයේ වේදනාව සහ පාචනය වැනි තත්ත්වයන් ගන්න පුළුවන්. මේ අධ්‍යයනයේ ප්‍රශ්නාවලිය සම්පූර්ණ කරපු වැඩිහිටියන් 10,171 දෙනෙකුගෙන් අලුත් සොයාගැනීම ගැන තොරතුරු අනාවරණය වෙනවා.
විශේෂඥයින් සඳහන් කරල තියෙන විදිහට අවදානමට ලක්වෙලා ඉන්නේ කවුද, තත්ත්වය කෙතරම් නරක අතට යොමු වෙන්න පුළුවන්ද සහ ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් මොකක් ද කියලා තේරුම් ගන්න ලොකු වැඩ කොටසක් සිදු කරන්න වෙනවා. ශ්වසන වෛරස නැතිනම් වෙනත් ආකාරවල වෛරස් ආසාදන දිගුකාලීන රෝගාබාධ ඇති කරනවා කියන අදහස අලුත් දෙයක් නෙවෙයි. මෑත කාලීන කොවිඩ් වසංගතය ගත්තම මේ සංසිද්ධියට ඕනතරම් උදාහරණ සපයනවා.
පර්‍යේෂකයන් පෙන්වා දෙන්නේ මේ වගේ තත්ත්වයනට මුහුණ දෙන රෝගීන්ගේ ප්‍රතිඵල වල යම් වලංගුභාවයක් තියෙන්න පුළුවන් කියලා. ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ විමර්ශකයෙක් විදිහට කටයුතු කරන මහාචාර්‍ය Adrian Martineau බීබීසීයට පැවසුවේ වෛරස ආසාදනයකින් පස්සේ මිනිසුන්ට සැබවින්ම දුර්වල වීමක් පිළිබඳ හැගීමක් දැනෙන්න පුළුවන් කියලා. එය ඔවුන්ට පරිකල්පනය නොවුණත් පිළිගන්න පුළුවන් දෙයක් කියලා.
The Lancet’s eClinical Medicine ජර්නලයේ ප්‍රකාශයට පත් කරපු මේ අධ්‍යයනය මගින් 2021 පළමු මාස දෙක තුළ කොවිඩ් වසංගතය එහි දෙවන වසරට පා තබල වගේම එන්නත් නිකුත් කිරීමට පටන් ගත්ත කාලයේ ඔවුන්ට තිබූ ශ්වසන රෝග සහ වෙනත් රෝග ලක්ෂණ වාර්තා කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
මේ අධ්‍යයනය සඳහා තෝරා ගත්ත 10,171 න්:
-
1,343 ක් පැවසුවේ ඔවුන්ට මෑතකදී කොවිඩ් වැළඳී ඇති බව.
- 472 කියා සිටියේ ඔවුන් උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් ශ්වසන වෛරසයකින් පෙළෙන බව.
තමන්ට මෑතකදී ශ්වසන රෝගයක් නැතැයි පැවසූ අය හා සසඳන කොට, සති කිහිපයකට කලින් තමන්ට කෝවිඩ්, උණ නැතිනම් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳිලා කියපු අයට මාසයක් හෝ ඊට වැඩි කාලයක් තුළ යම් යම් රෝග ලක්ෂණ අත්විඳීමට වැඩි ඉඩක් තිබිල තියෙනව කියන එක පෙනී ගිහින් තියෙනවා.
එම රෝග ලක්ෂණ ගත්තොතින්:
- පාචනය
- උදරාබාධ
- මාංශ පේශි හෝ සන්ධි වේදනාව
- නින්ද සම්බන්ධ ගැටළු
- මතකය පිළිබඳ ගැටළු / අවධානය යොමු කිරීමේ අපහසුතාව
- කරකැවිල්ල
- කැස්ස
සෙම්ප්‍රතිශ්‍යාවෙන් හෝ උණ ගතියෙන් පසුව දිගුකාලීන රෝග ලක්‍ෂණ ඇති වුණ පුද්ගලයින්ට වඩා මෑතකදී කෝවිඩ් වැළඳුනු පුද්ගලයින්ට සුවඳ සහ රසය නොදැනීම, කරකැවිල්ල ඇතිවීම වගේම දහඩිය දැමීම පිළිබඳ ගැටළු වාර්තා කිරීම් වල වැඩි බවක් මෙම අධ්‍යයනය මගින් දැකගන්න ලැබිලා තියෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්ය Paul Harrison මහතා කියන විදිහට කොවිඩ් ආසාදනය වීමෙන් පමණක්ම නෙවේ පොදුවේ ශ්වසන ආසාදනවලින් පස්සේ දිගු කාලීන රෝග ලක්‍ෂණ බහුලව දකින්න ලැබෙන බවට වෙන පෙර සොයාගැනීම්වලට මේ අධ්‍යයනය උපකාර වෙලත් තියෙනවා.