සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

චන්ද්‍රයාන්-3 සාර්ථකව සඳ මතට​

ඉන්දියාව සිය චන්ද්‍රයාන් – 3 අභ්‍යවකාශ යානය සාර්ථකව​ සඳ මතට ගොඩ බස්වා ඇති අතර, එවැනි ජයග්‍රහණයක් සිදු කරන ලද සිව්වන රට බවට මේ වන විට පත් වී තිබේ. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව එරට වේලාවෙන් පස්වරු 06 පසුවී මිනිත්තු කිහිපයකින් (06:04 P.M.පමණ) ගොඩබැස්වීම සිදු කර ඇත​. මෙම සාර්ථක මෙහෙයුමත් සමග අභ්‍යවකාශයේ ගෝලීය සුපිරි බලවතෙකු ලෙස ඉන්දියාවේ තත්ත්වය තහවුරු වනු ඇති බව බොහෝ විද්වතුන්ගේ අදහස වී තිබේ. මෙයට පෙර සඳෙහි පෘෂ්ඨය මත ගොඩබෑමක් සම්පූර්ණ කර ඇත්තේ එක්සත් ජනපදය, චීනය සහ පැරණි සෝවියට් සමූහාණ්ඩුව විසිනි. 

ඉතිහාසයේ මෙතෙක් වෙනත් කිසිදු අභ්‍යවකාශ යානයකට ගොඩබැස්වීමට අපොහොසත් වූ සඳෙහි දක්‍ෂිණ ධ්‍රැවයට චන්ද්‍රයාන්-3 ගොඩබැස්වීමද ඉතිහාස ගතවනු ඇති. දක්ෂිණ ධ්‍රැව කලාපය විද්‍යාඥයින්ගේ විද්‍යාත්මක හා උපායමාර්ගික උනන්දුවක් දක්වන ප්‍රදේශයක් ලෙස සැලකෙන අතර එම කලාපයේ ද්‍රව අයිස් නිධි පවතින බව ඔවුනගේ විශ්වාසයයි. කෙසේ වෙතත් ඉන්දියානු මාධ්‍ය විසින් ද වාර්තා කර තිබෙන්නේ ද්‍රව අයිස් විශ්ලේෂණයට සහ එහි විද්‍යාත්මක සංයුතිය හඳුනාගැනීමට ඉදිරියේදී හැකියාව ලැබෙනු ඇති බවයි.

මීට දින කිහිපයකට පෙර; එනම් අගෝස්තු 19 වන දින​ රුසියාවේ Luna 25 අභ්‍යවකාශ යානය දෝෂයක් හේතුවෙන් සඳ මතට කඩා වැටී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

Tags