උණුසුම් පුවත්
චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වන බව පවසයි

තමන් පාර්ලිමේන්තු මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි පවසනවා.
ඒ අනුව අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට භාරදුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.