එදිනෙදා ජීවිතය
හිතේ ලෙඩ වලට ක්ශණික සහන
දිගින් දිගටම එක එක දේවල් හිතෙනවා නම්, කෙලවරක් නැතුව සිතුවිලි ගලන් එනවා නම්, නින්දක් නැතුව පෙරලි පෙරලි කල්පනා කර කර ඉන්නව නම් හොඳම දේ ඒ දේවල් පොතක ලියන එක. කොලයක් හරි අරගෙන හිතට එන හැමදේම ලියන්න. ඒ වෙලාවේ ඔයාගේ හොඳම යාලුවා ඒ කොලය කියලා හිතාගෙන එයා එක්ක බෙදාගන්න.
අද කාලේ without judgement අපිව තේරුම් ගන්න පුලුවන් හොඳ යාලුවෝ හරි අඩුයි. මනුස්සයෙක්ව සාවදානව අහන් ඉන්න පුලුවන් අය අඩුයි. ඒ නිසාම පෞද්ගලිකව මමත් කරන දේ මේක. හරිම සාර්ථක ක්ශණික බෙහෙතක්.
එදිනෙදා ජීවිතයේදි මිනිස්සු එක්ක වගේම විවිධ අවස්ථාවන් වලදි ගැටීම් ඇති වෙනවා. ඒත් සමහර වෙලාවට කේන්තිය පාලනය කරගන්න බැරි වුනොත් ලොකු අවුල් හැදිලා, හිත් රිදීම් වෙලා තමයි නවතින්නේ. ඔයාට පාලනය කරගන්න බැරි මට්ටමකට කේන්ති යනවා වගේ දැනෙනවා නම් ඉක්මනින් ඒ අවස්ථාවෙන් ඔයාගෙ මනස වෙනස් කරගන්න ඕනා.එහෙම quick change එකකට ඒ වෙලාවට ඔයා ආසම කරන ඔයාගේ playlist එකේ තියෙන සිංදුවක් අහන්න. සමහර සිංදු තියෙනවා ඒවා එක්ක බැඳුණු හරි ලස්සන මතකයන් තියෙනවා. Nostalgic feeling එකක් දෙන්න පුලුවන් සිංදු තියෙනවා. මමත් හිතට කේන්තියක් එන වෙලාවට කරන්නේ ඒ වගේ ඇහෙද්දි මූණට හිනාවක් ගෙන්න පුලුවන් මතක තියෙන සිංදුවක් අහන එක
එකම දෙයක් ගැන හිතලා හෝ වැඩ අධික විම නිසා පීඩනයක් දැනෙනව පුලුවන්. විශේෂයෙන් stress කියන එක ඔයාගේ ඇඟටම දැනෙන දෙයක්. උරහිස් තද වීමක්, ඔලුව බර ගතියක්, ඇඟම හිර වෙලා වගේ දැනෙන්න පුලුවන්. එහෙම වෙලාවට පොඩ්ඩක් එලියට යන්න. ඉර එළිය වගේම සනීප හුළඟ ටිකක් විඳින්න.මං සාමාන්යයෙන් කරන්නේ සෙරෙප්පු නොදා තණකොල පාග පාග ඇවිදින එක. පුදුමාකාර සැහැල්ලුවක් මට ක්ශණිකව දැනෙනවා. ඒ වගේම මගේ stress නැති කරවන දෙයක් තව දෙයක් තමයි ice cream and chocolate cake කියන්නේ.මේ වගේ ඔයත් හොයාගන්න ඔයාගේ stress අඩු කරගන්න පුලුවන් විදි. හැබැයි ඒ කිසිම දේකට addict වෙන්න එපා. Stress නැති කරගන්න කියලා තව දෙයකට ඇබ්බැහි වෙන්න නම් එපා. ඒ වගේ තත්වයකට යනවා නම් professional help ගන්න.
මහන්සි වගේ නම්,
දවස් ගාණක් එක දිගට වෙහෙස වෙද්දි, දිගු දවසක් අතරතුරේ ඔයාට ලොකු මහන්සියක් දැනෙනවා නම්, ඒ වගේම exam එකක් කරද්දි වගේ එක subject එකක් ඉවර වුණාම ඔයාගේ energy level එක low වගේ දැනෙනවා නම් පොඩි නින්දක් ලබන්න. හැබැයි ඒ නින්ද පොඩි වෙලාවක් වුණත් සුවදායි විදිහට ලබන්න.
මම සාමාන්යයෙන් කරන්නේ හොඳට උණු වතුරෙන් Wash එකක් දානවා. මට ඒක හරි සනිපයක් නිසා. අලුතෙන් ඇඳට bedsheet එකකුත් දානවා. මොකද මං දන්නවා සෝදපු fresh bedsheets වලට මාව ගොඩක් calm කරවන්න පුලුවන් කියලා. ඊට පස්සේ ගෙදර අයටත් කියනවා “මං පොඩ්ඩක් නිදාගන්නවා disturb කරන්න එපා” කියලා. දොරත් වහලා, phone එකත් silent කරලා පැයක් වගේ සුව නින්දක් ගන්නවා. පැය ගාණක් නිදා ගන්න එක නෙවෙයි හොඳ කෙටි නින්දක් ලබා ගන්න එකයි මෙතනදි වැදගත්
කිසි උද්යෝගයක්, ගැම්මක්, ආසාවක් හිතට නැත්නම්, හැමදාම එකම වගේ ඒ නිසා වෙනසක් ඕනා වගේ නම් treat yourself. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් මොනවා හරි දෙයක් දෙන්න. මොනවා හරි කරන්න. පොඩි කඩේකට ගිහින් milkshake එකක් හරි බොන්න. ගෙදරට කෑම එකක් order කරලා කන්න. අලුත් nail polish එකක් අරන් අතේ පයේ ගා ගන්න. අලුත් hair cut එකක් කරගන්න.මං සාමාන්යයෙන් change එකක් ගන්න ඕනා වුණාම Self care සම්බන්ධව ඔය වගේ දේවල් කරනවා. ඒ වගේම මුහුදු වෙරළට යනවා. මොකද මං beach lover කෙනෙක්. ඒ දිහා බලන් ඉන්න එකෙන් මගේ mood එක ගොඩක් දුරට වෙනස් වෙනවා. මේ වගේ ඔයාට පුලුවන් නම් ඔයාව හරියටම තේරුම් ගන්න ජීවිතේ change ගන්න ලොකු ලොකු දේවල් කරන්න ඕනා නෑ.
හිතේ කිසිම සංසුන් බවක් නැත්නම්, කලබලකාරි ගතියක් තියෙනවා නම්, ඒ වගේම රෑට නින්ද යන්නේ නැත්නම් භාවනාවක් කරන්න.මේක මම කරන්නේ relaxation music එකක් අහන ගමනුයි. විශේෂයෙන් වතුර ගලන් යන හඬට මාව සංසුන් කරවන්න පුලුවන්. ඒ නිසා youtube එකෙන් හොයලා ඒ වගේ relaxing music එකක් පසුබිමෙන් ඇහෙන්න සලස්වලා රෑට ඇඳේ ඉඳන් මගේ හුස්ම ගැන අවධානය දෙමින් භාවනාවක් කරනවා. හිතට අනවශ්ය සිතුවිල එන එක පාලනය වෙනවා.
Screen time එකෙන් ඈත් වෙන්න. අපි සාමාන්යයෙන් පුරුදු වෙලා ඉන්නේ කම්මැලිකමට phone එක ඔබන්න. ඒත් ඒකෙන් තවදුරටත් ඔයාගේ productivity එක අඩු කරවනවා. ඒ වෙනුවට පොඩි creative වැඩක් කරන්න. DIY project එකක් කරන්න. එහෙමත් නැත්නම් youtube එකෙන් හරි recipe බලලා අලුත් කෑමක් හදන්න. Cleaning වැඩක් කරන්න.අපේ ගෙදර විශේෂ වැඩක් නැති කම්මැලි සති අන්ත වලට අපි පාත්තියක් හරි දානවා. එහෙම නැත්නම් හැමෝම එකතු වෙලා කෑමක් හදනවා