සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවතට​.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය​ ධූරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වන අතර ඔහු පරිසර අමාත්‍ය ධූරයේ දිවුරුම් දී ඇතැයි සඳහන් වේ. ඒ අනුව නව සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් වෛද්‍ය රමේෂ් පතිරණ පත්කර ඇති අතරම ඔහු කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.

මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදී අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා.

“පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ​. කෙහෙළිය ඇමතිතුමාට විරුද්ධව විවිධ බොරු චෝදනා නැගුවා. නමුත් ජනාධිපතිතුමා තීරණය කරන්න ඇති මෙවැනි තත්ත්වයක් යටතේ යම්කිසි වෙනසක් සිදු කරන එක හොඳයි කියල. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වෙන රමේෂ් පතිරණ මැතිතුමාව සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් පත් කරලා තියෙනවා. ශ්‍රීලනිප මන්ත්‍රීවරු පස් දෙනයි ඉන්නේ. මෙතැනිනුත් ඇමති ධූරයක් ගලවලා රාජ්‍ය ඇමති ධූරයකුත් තවත් අළුතෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලබා දීම සම්බන්ධයෙන් අපි සතුටු වෙන්නේ නැහැ. ඒක වැරදි දෙයක්. ජනාධිපතිතුමා වුනත් වැරදි දේ කරනවනම් වැරදියි කියලා අපි ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමාට එසේ නොකර සිටින්න තිබුණා. පක්‍ෂයක් හැටියට අපට ලොකු කලකිරීමක් තියෙනවා. මේ සම්බන්ධයෙන් වේදනාවක් තියෙනවා.”

Tags