උණුසුම් පුවත්
Channel 4 වීඩියෝවට ගෝඨාභය ලබා දුන් පිළිතුර අසත්‍යයක් – ගවේෂණාත්මක මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා.
මේ වන විට ජිනීවා නුවර රැඳී සිටින ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා සඳහන් කර සිටින්නේ පාස්කු ප්‍රහාරය සහ ඒ පිටුපස ඇති සැළසුම් සම්බන්ධයෙන් Channel 4 නාලිකාව ඔස්සේ විකාශනය වූ වාර්තා වැඩසටහනට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ලබා දුන් පිළිතුර අසත්‍යයක් බවටයි.
Youtube නාලිකාවක් සමග මාර්ගගතව සංවාදයකට සම්බන්ධ වෙමින් ඒ මහතා සඳහන් කර සිටින්නේ හිටපු ජනාධිපතිවරයාගේ ලිපියේ දැක්වෙන පරිදි මේජර් ජනරාල් සුරේෂ් සලේ 2016-2019 කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ රැඳී නොසිටි බව සහ නොපැමිණි බවට දක්වා ඇති කරුණු පිළිගත නොහැකි බවත් යහපාලන රජය පැවති කාලසීමාව තුළ FCID ය විසින් සිදුකරන ලද පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට කැඳවා තිබූ බවත්ය.
මීට අමතරව ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා විසින් කරුණු දක්වා ඇත්තේ සුරේෂ් සලේ මහතා සතුව විදෙස් ගමන් බලපත්‍ර කිහිපයක් ද තිබී ඇති බවටයි. අදාළ සම්පූර්ණ සාකච්ඡාව පහතින්: