සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

සය හැවිරිදි දියණියකට දිවි අහිමි කල මාළිගාකන්ද වෙඩි තැබීම​.

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17) පස්වරු හතරට පමණ වෙඩි තැබීමක් සිදුවී තිබේ. කොටහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ සහ සය හැවිරිදි දියණිය සමග​ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස​ ඔවුන්ට වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමෙන් දියණියට සහ ඇයගේ පියාට තුවාල සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව​ දියණිය ජීවිතක්‍ෂයට පත්ව ඇත​. ප්‍රහාරය එල්ල කිරීමේ ඉලක්කය අදාළ පිරිමි පුද්ගලයා බවට කරුණු අනාවරණය වෙමින් පවතින අතර අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වීමට නියමිතය​.

 

Tags