උණුසුම් පුවත්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 – ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට සහ උප නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමිව ඇති අතර මෙම සංචිතය සඳහා පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, මතීෂ පතිරණ සහ ළහිරු කුමාර ඇතුළත් කර තිබේ.
වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ සහ දිල්‍ෂාන් මධුසංඛ යන ක්‍රීඩකයින් ශාරීරික යෝග්‍යතාවය මත කණ්ඩායමට ඇතුලත් කිරීමට නියමිත අතර අතිරේක ක්‍රීඩකයන් වශයෙන් දුෂාන් හේමන්ත සහ චාමික කරුණාරත්න සංචිතයට ඇතුලත් කර තිබේ.