උණුසුම් පුවත්
සබරගමුව හිටපු DIG ලලිත් ජයසිංහට වසර 5ක සිරදඬුවම් නියම කෙරේ.
2015 ජනාධිපතිවරණය පැවති සමයේ කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි සිදුකොට, ශාන්ත දොඩංගොඩ යන අයට වෙඩි තැබීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිට බලපෑම් කිරීම සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය විසින් ලලිත් ජයසිංහට වසර 05ක සිර දඩුවම් නියම කර තිබේ.
උක්ත සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කල කහවත්ත පොලීසිය සැකකරුවෙකු ලෙස හඳුනාගත් එවක නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී තිබුණි.
රත්නපුර මහාධිකරණය විසින් විත්තිකරුට රුපියල් 20,000/-ක දඩ මුදලක් ගෙවන ලෙසටද නියෝග කර ඇතැයි වැඩිදුරටත් සඳහන් ය.