උණුසුම් පුවත්
අද දින සිට විදුලි ගාස්තු වැඩිවන ආකාරය.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා සිදු කර තිබූ ඉල්ලීමට අදාළව අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද දින (20) තීරණය කර තිබේ. ඒ අනුව අද සිට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සිදුවනුයේ පහත පරිදිය.
- ඒකක 0 -30ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු. 180 දක්වා වැඩිකර තිබෙන අතර එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12කි.
- ඒකක 31 සිට – 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට රු.360 දක්වා වැඩි වන අතර එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 30කි.
- ඒකක 61 සිට 90 ක් දක්වා ස්ථාවර ගාස්තුව රු. 400 සිට රු.480 දක්වාත්
- ඒකක 91 සිට 120ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.1,000 සිට රු.1,180 දක්වාත්
- ඒකක 121 සිට 180ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.1,500 සිට රු.1,770 දක්වාත්
- ඒකක 180 කට වඩා වැඩි නම් රු. 2,000 සිට රු. 2,360 දක්වාත්
ස්ථාවර ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබේ.
අදාළ නිවේදනය පහතින්: