සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

ළමා ලිංගික අපයෝජන චෝදනා මත පුද්ගලයකුට පහර දී ඝාතනය කළ පිරිසක් අත්අඩංගුවට.

 

යාපනය කල්වියන්කාඩු G.P.S ක්‍රීඩාංගණය අසල ගොඩනැගිල්ලක් තුළදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කළ බව කියන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලංකාදීපයට අනුව, 09 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බව කියන සැකය මත මෙම පිරිස විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයා පැහැරගෙන ගොස් පහරදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම පිරිස දරුවාගේ ඥාතීන් බවට හඳුනාගෙන ඇති බවයි විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ. මියගොස් ඇත්තේ යාපනය, කපායි ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙකි. කෝපායි පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී යාපනය G.P.S ක්‍රීඩාංගණය අසල තිබී මියගිය පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබේ. කෝපායි පොලිසිය සහ යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය එක්ව සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි සැකකරුවන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Tags