උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව බංකොලොත් කරනු ලැබූ ආර්ථික ඝාතකයින්ට ගනු ලබන පියවර කුමක්ද?
අධිකරණයේ ස්වාධීනත්වය පිළිඹිබු කරමින් මෙරට ආර්ථිකය බංකොලොත් තත්ත්වයකට පත් කිරීමට වගකිවයුතු ආර්ථික ඝාතකයින් කවුරුන් ද යන්න හෙළිදරව් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දිනකදී ඓතිහාසික තීන්දුවක් ලබා දුන් නමුත්, තවමත් මෙම වැරදි තීරණයන් ගනු ලැබූ පිරිස් රාජ්‍ය අනුග්‍රහය යටතේ සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් සිය සුපුරුදු සුඛෝපභෝගී ජීවිතය ගත කරමින් සිටී. ඔවුන් එම තීන්දුවට ගරු නොකළද, ඔවුන්ගේ වැරදි තීන්දු වල වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටයි.
මෙම සියලු වගකිවයුත්තන්ට එරෙහිව රජය ගනු ලබන පියවර කවරේද යන්න පිළිබඳව මෙරට සමස්ත ජනතාව සිටින්නේ අවදියෙනි. එබැවින්, මේ සම්බන්ධයෙන් රජයට කිසිවිටකත් ලිහිල්ව ක්‍රියා කල නොහැක. එම නිසා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව රජය කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ පැහැදිලි මතය දැන ගැනීම උදෙසා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්ණ කිහිපයක් අද දින (21) පාර්ලිමේන්තුවේදී ගෙන ඒමට උත්සාහ කරන ලද අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් හට ගැණිනි.
සජිත් ප්‍රේමදාස විසින් මෙම ප්‍රශ්ණ ඉදිරිපත් කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඝෝෂා නගමින් ඊට විරෝධය පළ කල අතර, ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට විපක්ෂ නායකවරයා අසලට පැමිණීමට ද කටයුතු කර තිබුණි. ඒ අවස්ථාවේදී ඊට බාධා කළ සනත් නිශාන්ත, තිස්ස කුට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායකවරයාගෙන් ඉල්ලීමක් කල අතර, ඊට පිළිතුරු ලෙස කථානායකවරයා පැවසූවේ මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණයක් සිදුකරන බවය.
විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ සම්පූර්ණ වාර්තාව පහතින්: