උණුසුම් පුවත්
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වලට එරෙහිව උණුසුම් වූ පිටකොටුවේ විරෝධතාව
රජයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වලට එරෙහිව “EPF/ ETF කොල්ලයට එරෙහි විරෝධය” යන මැයෙන් අද දිනයේ (28) වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, ඛනිජ තෙල්, විදුලි සහ ටෙලිකොම් ඇතුළු වෘත්තිය සමිති රැසක් සහභාගී වී ඇති බවට වාර්තා වනවා.
රජයේ ආර්ථික ප්‍රශස්තිකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාර අරමුදල (ETF) සම්බන්ධයෙන් අද දිනයේ ගෙන ඒමට නියමිත තීරණයට විරෝධය පළ කිරීම සඳහා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ. විරෝධතාව අතරතුර කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද පෙරවරුවේ නියෝගයක් නිකුත් කර ඇතැයි ද වාර්තා වේ.