උණුසුම් පුවත්
දුම්රිය වහලය මතින් ඇද වැටී තරුණයෙකු ජීවිතක්‍ෂයට!

අධික ලෙස සෙනග පිරුණු දුම්රියක වහලය මතින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අද දිනයේ (12) හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී ඇද වැටීම හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත. දුම්රිය පාලක මැදිරිය විසින් සඳහන් කර ඇති ආකාරයට මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට රාගම දුම්රිය ස්ථානයෙන් අදාළ තරුණයා ඇතුළු වී තිබේ.
20 හැවිරිදි තරුණයා දුම්රියෙන් වැටී බරපතළ තුවාල ලබා ඇති අතර, ඉන් අනතුරුව ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වී ඇති අතර එම හේතුව නිසාවෙන් අදාළ තරුණයා දුම්රියේ වහලය මත නැගී ගමන් කර ඇති බවට වාර්තා වේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කර ඇති පරිදි මෙම වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ අවම වශයෙන් නියමිත දුම්රිය ගමන්වාර 20ක් පමණ අවලංගු කර තිබෙන අතරම, ඒ හේතුවෙන් මගීන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ද වාර්තා වේ.