ආර්ථික දියුනුවට
උත්සව සමයේ අමතර ආදායමක් හොයමු!
උත්සව සමය කියන්නෙ සාමාන්‍යයෙන් අමතර වියදම් අධික කාලයක්. ඉතිං ඒ නිසාම ඒ අමතර වියදම් පියවාගන්න අමතර ආදායමක් හොයාගන්න හැටි ගැන කතා කරන්න Ceylon Journal අපි හිතුවා. මේ කියන්න යන්නෙ ආර්ථිකයට පහසුවක් වෙන විදියට තමුන්ගෙ හැකියාවකින් අමතර ආදායමක් හොයාගන්න පුළුවන් විදි කිහිපයක් ගැනයි. ඔයාලාට මේවාට අමතරව වෙනස් අදහසක් තියෙනවා නම් අපි ට කියන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ දේවල් වලින් ඔයාලට වගේම ඔයාලගෙ යාළුවොන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා නම් ඒ අය එක්ක මේ සටහන බෙදාගන්නත් අමතක කරන්න එපා. මේ දේවල් අපි උත්සව කාලය ඉලක්ක කරලා සිද්ධ කළත්, ඔයාලගෙ හැකියාව අනුව මේ දේවල් අවුරුද්දේ ඕනෑ ම කාලයකට ගැලපෙන විදියට හැඩගස්වා ගන්නට පුළුවන්.
වියළි සහ කෘතිම මල්
මල් කියන්නෙ ලස්සන කරන්න අරගන්න දේ අතරින් මුල් තැන තියෙන දෙයක්. සැරසිලි සඳහා වගේම කාර්ඩ්පත් නිර්මාණය සඳහාත් වේළන ලද සහ කෘත්‍රිම මල් වැඩි වශයෙන් පාවිච්චි කරනු ලබනවා. විශේෂයෙන්ම වේලන ලද ස්වභාවික මල් සහ කොළ විකිණීමේ ව්‍යාපාරයක් මූලික ප්‍රාග්ධනයක් රහිතවම ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාරයක් විදියට හඳුන්වන්න පුළුවන්. කෘත්‍රීම මල් නිෂ්පාදනයේදී, ලාභදායි මිලකට උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය ලබාගත හැකි සපයන්නෙකුගෙන් තොග වශයෙන් මිලට ගෙන ව්‍යාපාරය ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා.
ආහාර ඇනවුම්
උත්සව කාලයත් එක්ක අනිවාර්යයෙන්ම බැඳෙන දෙයක් තමයි ආහාර. අවුරුදු කාලයට නම් අවුරුදු රස කැවිලි වගේම, රට පුරාම සාද පැවැත්වෙන නිසා බයිට්ස් වගේ දෙයක් වුණත් ව්‍යාපාරයක් විදියට පටන් ගැනීමේ හැකියාව තියෙනවා. මේ දේ කප්කේක්, රිච්කේක්, චීස්කේක්, කුකීස් වගේ දෙයකටත් යොමු කරන්න පුළුවන් කම තියෙන නිසා, තමුන්ට හැකියාව තියෙන පැත්තෙන් ඉස්සරහට යන්න හොඳ අවස්ථාවක් වේවි. ඒ වගේම මේ දේට ෆේස්බුක් සහ ඉන්ස්ටග්රම් හරහා ලොකු උදව්වක් ගන්නත් පුළුවන් නිසා ලාභ ලැබීම පහසු කරවන ව්‍යාපාරයක් විදියට හඳුන්වන්න පුළුවන්.
සුබ පැතුම් පත්
ලංකාවෙන් වැඩි දෙනෙක් දැන් විදෙස්ගත වෙලා ඉන්න නිසා සුබ පැතුම් පත් සකසන්න වගේම ඒ ඒ පුද්ගලයාට සුවිශේෂ සුබ පැතුම් පත් සකසා ඔවුන් වෙත යවන්නත් දැන් හැකියාව තිබෙනවා. ඒ වගේම කඩෙන් මිලට ගන්නා printed cards වලට වඩා handmade cards වලට ඇති ඉල්ලුම ඉහළ ගිහින් තියෙනවා. ඉතින් ස්වභාවික මල්, කොළ, felt හෝ paper quilling නිර්මාණ ඇතුළත් කාර්ඩ්පත් නිපදවා අලෙවි කරන්නට ඔබට අවශ්‍ය වෙන්නේ සුළු මුදලකකුත්, ඔබගේ කාලය හා නිර්මාණශීලීත්වය පමණයි.
Gift delivery service
වැඩි වශයෙන් තෑගි හුවමාරු වන උත්සව සමයේ දී බොහෝ ව්‍යාපාරික ආයතන විසින් භාණ්ඩ Deliver කිරීම සඳහා සේවා සපයන්නන් බඳවා ගන්නවා. එවැනි කාර්යයකට පාවිච්චි කළ හැකි ආකාරයේ වාහනයක් ඔබ සතුව ඇත්නම් මෙවැනි රැකියාවක නිරතවීමෙන් අමතර ආදායමක් උපයාගන්නට ඔබට අවස්ථාව තියෙනවා.
Fashion and costume jewellery
විවිධාකාර materials භාවිතා කරමින් නිර්මාණය කරන ආභරණ වලට තරුණ පිරිසගෙන් විශාල ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන් ම customized handmade jewellery විශාල මිලකට අලෙවි වන බව ප්‍රසිද්ධ කරුණක්. තමන්ම නිර්මාණය කර හෝ තොග මිලට ගෙන්වා ගෙන අලෙවි කරන ආභරණවලින් ඔබට සැළකිය යුතු ආකාරයේ ලාභයක් ලැබෙනවා නිසැකයි.
Party planning/ light arrangements/ flower arrangements
ස්වයං රැකියාවක් විදියට Party planning පටන් ගන්නවා නම් flower arrangements සහ light arrangements සිදුකිරීමේ අවස්ථාවත් ලබාගැනීමේ හැකියාව ඔබට තියෙනවා. නැවත නැවත භාවිතා කළ හැකි නිර්මාණ සහ lights භාවිතා කිරීමට හැකි නිසා මූලික වියදම් පමණක් දැරීමට සිදුවන ලාභදායි ව්‍යාපාරයක් විදියට හඳුන්වන්න පුළුවන්.
Personalized gift
Felt soft toys, printed t- shirts/ mugs වගේ දේවල් පාරිභෝගිකයින්ගේ රුචිකත්වය අනුව සකස් කර යැවීමට අමතරව gift baskets/ hampers සකස් කර අදාළ ලිපිනයන්ට යැවීමත් මෙහිදි සිදු කරන්න පුළුවන්. සාමාන්යෙන් වෙළඳපලේ විකිණෙන hampers වලින් වෙනස්වන පරිදි යම් විශේෂත්වයක් සහ අනන්‍යතාවයක් සහිතව සහ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවය පරිදි සකස් කර යවන තෑග්ගට ඔබේ නිර්මාණශීලීත්වයත් එකතු කර ආකර්ෂණීය බව වැඩි කරනවා නම් එය ඔබගේ ව්‍යාපාරයට වාසිදායක තත්ත්වයක් වන්නට ඉඩ තියෙනවා.