විශේෂාංග
හෙට ලොව ජයගන්න පෙරනිමි පෙන්වන අපේ රටේ පුංචි හපනෙක්.
“වාර විභාගෙ අස්සෙ යන්තමින් සින්දුවක් ඇහෙනව.
හෝදිසි කරා බැලුවම 7 වසරෙ පොඩි කොල්ලෙක් කවකටු පෙට්ටිය වැහුව දඩාස් ගාල.
මට සින්දුවක් ඇහුනා…. කිව්වාම අනිත් දරුවො ටික ටීච මෙයා මෙයා කියල මට කොල්ලව පෙන්නුව.
ළඟට ගිහින් බැලුවම කවකටු පෙට්ටිය ඇතුලෙ පොඩි රේඩියෝ එකක්.
පොඩි ෆෝන් වලට දාන බැට්ට්‍රියක් සෙට් කරල, පොඩි පොඩි වයර් අමුණල, හොට් ග්ලූ වලින් අලවල.
කොල්ල හදල usb ගහන්න පුලුවන් පොඩි රේඩියෝ එකක්. (ස්පීකර් එකක්)
මේ කොල්ල සරලම දෙයක් කරලා තියෙන්නෙ වුණත් මං ආසයි එහෙම පැටවුන්ට.
ඒක එහෙම හීතුන කියන්නෙම මාර දෙයක්. විස්තර කරන්න පුලුවන්ද පුතේ ඇහුවම බය නැතුව හා කියලත් කිව්ව. පේපරේනම් කොල්ල ලියල නෑ. ඒත් මේ තමයි අනාගතය.”
මේ ෆේස්බුක් සටහන තබල තිබුණේ පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයේ ඉගැන්වීම් සිදු කරන නයෝමි වත්සලා ගුරු මහත්මිය විසින්. පොඩිත්තාගේ හපන්කම පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් වලත් පුවත් පල වෙලා තිබුණා. දරුවා ඉගෙනුම ලබන්නේ 07 ශ්‍රේණියේ. අපේ රටේ අධ්‍යාපන ක්රමයේ පෙරළියක් ඇති විය යුතු බව කියාපාන්නත් මේ පොඩිත්තාගේ උත්සාහය හරහා අභියෝගයක් එල්ල කරනවා කීවොතින් වරදක් නැහැ. නවමු නිර්මාණ සිදුකරන්න උනන්දුවක් දක්වන පිනිඳු පුතාගේ මේ හපන්කම අගය කිරීමටත්, එය සමාජයට දැන ගැනීම සඳහාත් ඉඩ සලස්වා දුන් නයෝමි වත්සලා ගුරුමහත්මියට Ceylon Journal අප බොහෝ ස්තුතිවන්ත වන බවත් මතක් කරන්නම ඕන.